අඩු අදායම්ලාභීන් සඳහා විදුලි පහසුකම් ලබා දීම

  • ඌව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන 60% 40% සහන පදනම මත අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලි සම්බන්ධතා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින්  ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම අපේක්ෂාවයි.

අඩු ආදායම්ලාභී තනි ඉල්ලුම්කරුවෙකු සඳහා 60% විදුලි සම්බන්ධතා ලබාදීමේ නව නිර්නායක

  • අඩු ආදායම්ලාභියකු වීම
  • ( ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත නිල දරිද්‍රතා රේඛාවෙන් පහල පවුලක් වීම)
  • ශ්‍රී ලාංකික පුරවැසියකු වීම
  • ඉඩමේ අයිතිය තහවුරු කළයුතුය.(ග්‍රාම නිලධාරිගේ නිර්දේශය හා ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතිය)
  • ඌව පළාතේ ස්ථීර පදංචිකරුවකු වීම
  • හදිසි ස්වාවික ආපදාවකට ලක්ව අලුතින් ඉදිකරන ලද නිවාස සඳහා අඩු ආදායම්ලාභියතු වීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ.
  • මෙම ක්‍රමය යටතේ විදුලි සම්බන්ධතා සඳහා ආධාර දිය හැක්කේ එක් වතාවක් පමණි

60% 40% විදුලිය ලබාගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන

I. සම්පූර්ණ කර ලද ඉල්ලුම්පත
II. නිවසට විදුලිය ලබා ගැනීම සඳහා විදුලිබ මණ්ඩලයෙන් ලබාගත් ඇස්තමේන්තුව
III. ඇස්තමේන්තුව නිකුත් කර ඇති පුද්ගලයාගේ ජාතික හැදුනුම්පතෙහි පිටපතක්
IV. විදුලිය ලබාදීම සදහා විදුලිබල මණ්ඩලයෙන් ලබාගත් ඇස්තමේන්තුවේ සඳහන් මුදලින් 40% මුදල