නිතර අසන පැන
ප්‍රධාන අමාත්‍ය අරමුදල මගින් පිරිනමන ආධාර මොනවාද?
- දරුනු රෝගාබාධ වලින් පෙලෙන පුද්ගලයන්ට හා ආබාධිත පුද්ගලයන්ට වෛද්‍ය ආධාර ලබා දීම.
- අඩු අදායම්ලාභී පාසල් දරු දැරියන් සඳහා ආධාර ලබා දීම.
- ආගමික කටයුතු නංවාලීම උදෙසා ආගමික සිද්ධස්ථාන වලට ආධාර ලබා දීම.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිරිනමන ශිෂ්‍යත්ව මොනවාද?
- “සිසු රැකුම” ශිෂ්‍යත්ව ආධාර වැඩසටහන – දෙමාපියන් අහිමි පාසල් දරුවන් සඳහා එක් සිසුවකුට වර්ෂයකට රුපියල් 5000ක මුදලක් පිරි නැමීම.
- බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් ශිෂ්‍යන් අසූ දෙනෙකු සඳහා එක් ශිෂ්‍යකුට වසරකට රුපියල් 10,000ක මුදලක් පිරිනැමීම.
- ඌව විද්‍යා විද්‍යාලයේ නේවාසික සිසුවකුට වර්ෂයකට රුපියල් 5000ක ආධාර මුදලක් ලබා දීම.
අමාත්‍යාංශය යටතේ පාලනය වන පාසල් හා අනෙකුත් ආයතන සඳහා ගොඩනැගිලි ලබා ගැනීම, පවතින ගොඩනැගිලි අළුත්වැඩියාකර ගැනීම හා ලීබඩු උපකරන ලබා ගැනීම සඳහා වාර්තා කළ යුත්තේ කා වෙතද?
අමාත්‍යාංශය යටතේ සේවය කරන නිළධාරියකු විදේශ නිවාඩු ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛන හා ඒවා ප්‍රධාන අමාත්‍යාංශය වෙත ලැබිය යුතු කාල සීමාවන් මොනවාද?
නිළධාරියා විදේශ ගත වීමට අවම වශයෙන් දින දහයකට පෙර අදාල ඉල්ලූම් පත්‍ර අමාත්‍යාංශය වෙත ලැබිය යුතුය.
ලේඛන
- ඉල්ලීම් ලිපිය
- කැදවීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය
- විදේශ ගමන් බලපත්‍රය
- පුරවැසි හැදුනුම්පතේ පිටපත
- වැඩ ආවරණ කිරීමේ ලිපිය
- නිළධාරියා මාසයකට වඩා වැඩිපුර විදේශ ගතවන්නේ නම් හෝ වැටුප් සහිත ශිෂ්‍යත්වයක් සඳහා විදේශ ගතවන්නේ නම් හෝ නිළධාරියා පරිවාස කාලය තුළදී විදේශ ගත වන්නේ නම් එක් එක් කාරණයට අදාලව වෙන වෙනම ගිවිසුම් අත්සන් තැබිය යුතුය
කාල සීමාවන්
නිළධාරියා විදේශ ගත වීමට අවම වශයෙන් දින දහයකට පෙර අදාල ඉල්ලූම් පත්‍ර අමාත්‍යාංශය වෙත ලැබිය යුතුය
දැක්ම
මෙහෙවර
“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”
සංවිධාන පසුබිම
ඌව පළාත් රාජ්‍ය සේවයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීම
ඌව පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩුව පවතින මොණරාගල, තණමල්විල, බිබිල, වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීමේ අයදුම්පත මෙතනින් භාගත කර ගන්න ...
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය විවෘත කිරීම
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.16 වන දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්...
2025 Supplier Registration
Paper Advertisement

