Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව නිතර අසන පැන

නිතර අසන පැන

  1. ප්‍රධාන අමාත්‍ය අරමුදල මගින් පිරිනමන ආධාර මොනවාද?

    • දරුනු රෝගාබාධ වලින් පෙලෙන පුද්ගලයන්ට හා ආබාධිත පුද්ගලයන්ට වෛද්‍ය ආධාර ලබා දීම.
    • අඩු අදායම්ලාභී පාසල් දරු දැරියන් සඳහා ආධාර ලබා දීම.
    • ආගමික කටයුතු නංවාලීම උදෙසා ආගමික සිද්ධස්ථාන වලට ආධාර ලබා දීම.
  2. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිරිනමන ශිෂ්‍යත්ව මොනවාද?

    • "සිසු රැකුම" ශිෂ්‍යත්ව ආධාර වැඩසටහන - දෙමාපියන් අහිමි පාසල් දරුවන් සඳහා එක් සිසුවකුට වර්ෂයකට රුපියල් 5000ක මුදලක් පිරි නැමීම.
    • බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් ශිෂ්‍යන් අසූ දෙනෙකු සඳහා එක් ශිෂ්‍යකුට වසරකට රුපියල් 10,000ක මුදලක් පිරිනැමීම.
    • ඌව විද්‍යා විද්‍යාලයේ නේවාසික සිසුවකුට වර්ෂයකට රුපියල් 5000ක ආධාර මුදලක් ලබා දීම.
  3. අමාත්‍යාංශය යටතේ පාලනය වන පාසල් හා අනෙකුත් ආයතන සඳහා ගොඩනැගිලි ලබා ගැනීම, පවතින ගොඩනැගිලි අළුත්වැඩියාකර ගැනීම හා ලීබඩු උපකරන ලබා ගැනීම සඳහා වාර්තා කළ යුත්තේ කා වෙතද?

             ගරු ප්‍රධාන අමාත්‍ය තුමා /ලේකම්, ප්‍රධාන අමාත්‍යාංශය /සහකාර අධ්‍යක්ෂ සැලසුම්, ප්‍රධාන අමාත්‍යාංශ
  4. අමාත්‍යාංශය යටතේ සේවය කරන නිළධාරියකු විදේශ නිවාඩු ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛන හා ඒවා ප්‍රධාන අමාත්‍යාංශය වෙත ලැබිය යුතු කාල සීමාවන් මොනවාද?

    නිළධාරියා විදේශ ගත වීමට අවම වශයෙන් දින දහයකට පෙර අදාල ඉල්ලූම් පත්‍ර අමාත්‍යාංශය වෙත ලැබිය යුතුය.
    • ලේඛන

      ඉල්ලීම් ලිපිය
      කැදවීම් ලිපිය
      සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය
      විදේශ ගමන් බලපත්‍රය
      පුරවැසි හැදුනුම්පතේ පිටපත
      වැඩ ආවරණ කිරීමේ ලිපිය
      නිළධාරියා මාසයකට වඩා වැඩිපුර විදේශ ගතවන්නේ නම් හෝ වැටුප් සහිත ශිෂ්‍යත්වයක් සඳහා         විදේශ ගතවන්නේ නම් හෝ නිළධාරියා පරිවාස කාලය තුළදී විදේශ ගත වන්නේ නම් එක් එක් කාරණයට අදාලව වෙන වෙනම ගිවිසුම් අත්සන් තැබිය යුතුය

    • කාල සීමාවන්
    •          නිළධාරියා විදේශ ගත වීමට අවම වශයෙන් දින දහයකට පෙර අදාල ඉල්ලූම් පත්‍ර අමාත්‍යාංශය වෙත ලැබිය යුතුය
 

 

 

 
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4